රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලියි

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි. තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම …

Continue Reading

පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි. ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ …

Continue Reading

ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි

ගෝලීය කොවිඩ් වසංගත අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වූ 2020 ඔලිම්පික් උළෙල අද (08) අවසන් වුණා. පෙර වසරවල මෙන් දැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව උළෙල අවසන් නොවූවත් එහි අභිමානවත් බවට එයින් කිසිම බාධාවක් නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ද සුපුරුදු ලෙස රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33 සමග පදක්කම් 113ක් දිනා එක්සත් …

Continue Reading

රටේ ආර්ථිකය ද ? ජීවිතය ද ? – ‘නිවැරදි තීන්දුව කඩිනමින් ගන්න‘

ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු …

Continue Reading

ඉතාලිය … ඇමෙරිකාව … ඉන්දියාව.. දැන් අපි !

අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක. ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා. …

Continue Reading

කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?

ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ” දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි. සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය …

Continue Reading

Covid-19: මරණ 98ක් සමග නව ආසාදිතයින් 2792ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට …

Continue Reading

කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය‍ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි. “කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ …

Continue Reading

Delta රැල්ල: තත්ත්වය අවදානම් – ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවගෙන් ඉල්ලයි

අධි සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යන හෙයින් හැකි ඉක්මනින් තමන්ට හිමි කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස රජය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අද (07) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් හා භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙසයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු පහත දැක්වෙන උපදෙස් මෙම මාධ්‍ය …

Continue Reading

නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ්-19 ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් සඳහා නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර ඇත. මාර්ගෝපදේශයන්ට අනුව, නිවාස පදනම් කරගත් සත්කාර සහ ආයතනික සෞඛ්‍ය සේවා අවශ්‍ය වෛරස් ආසාදිත පුද්ගලයින් පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය අදාළ ප්‍රදේශයට වගකිව යුතුය. නිවසේ සිට රැකවරණය සඳහා සුදුසුකම් ලබන රෝගීන්; වයස අවුරුදු 02 …

Continue Reading