වහාම දැඩි සංචාරණ සීමා නොපණවන්නේ නම් ‘ජනවාරි වන විට මරණ 30,000’ – ලෝක සෞඛ්‍ය සංවිධානය

මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි. ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, “ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ …

Continue Reading

පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රි යේ සිට සපුරා තහනම්

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණ සීමා අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (13) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

Continue Reading

කොව්ඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ ආසාදිතයෙක් ඇසුරු කළානම් ලේදෙන්න එන්න එපා

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය …

Continue Reading

කොවිඩ් මර්දනයේදී සෞඛ්‍ය බලධාරීන්ට ජනපති දුන් අලුත්ම නියෝගය

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි. ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන …

Continue Reading

‘එන්නත් මාත්‍රා දෙකම ගත්තා නම් තෙවන මාත්‍රාවක් අවශ්‍ය නෑ‘ – වෛද්‍ය චන්දිම ජීවන්දර

මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පුද්ගලයින්ට ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂාව ලබා දී ඇති අතර අතිරේක කොවිඩ් -19 එන්නත මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ඊශ්‍රායලය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ මැද පෙරදිග රටවල් කිහිපයක් මේ වන විටත් සක්‍රීය වැඩසටහන් ආරම්භ කර තිබේ. සිය ජනගහනයෙන් 57% ක් …

Continue Reading

‘රට වසා දමන්නේ නැහැ‘ – ජනපති අවධාරණය කරයි

රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ. රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත්  සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු සංවිධාන …

Continue Reading

Covid-19 මරණ 18,000ක් වළක්වා ගන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා. එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර …

Continue Reading

වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්… “අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 156ක් – ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ලංකාවෙන්!

ඊයේ (11) දින කොවිඩ් ආසාදිත මරණ 156ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12) තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින් 121 දෙනකු වයස අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. පිරිමින් 87 දෙනකු සහ කාන්තාවන් 69 දෙනකු මියගිය පුද්ගලයින් …

Continue Reading

සති දෙකකට රට ‘ලොක්ඩවුන් කළ නොහැකි නම් ලොකප් කරන්න‘

වත්මන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම කළ නොහැකි නම් “ලොකප්” හෙවත් පුද්ගල සංචරණය පාලනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හා එය පාලනයට ගත හැකි මග පිළිබදව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණයෙන් කියා …

Continue Reading