ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් …

Continue Reading

ආර්ථික ප්‍රකෘතියට හා ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. …

Continue Reading

බිත්තර මිල අඩු කිරීමට නව ක්‍රමවේදයක්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය. වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් …

Continue Reading

ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) …

Continue Reading

මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි

2024 සැප්තැම්බර් 11 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අවලංගු කරමින් මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අධිපතිවරයා ලෙස පත් කරන ලද අයෙකුට විශ්‍රාම වැටුප් ගෙවීම 2024.09.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, 11.09.2024. දිනට පසු ශ්‍රී ලංකා …

Continue Reading

IMF ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව …

Continue Reading

IMF ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය හමුවීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විසින් සහාය දක්වන නවතම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීමට එහි ඉහළ පෙළේ කණ්ඩායමක් බදාදා (ඔක්තෝබර් 2, 2024) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ නවතම ආර්ථික වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර …

Continue Reading

මාස 15කට පසු ඩොලරය වාර්තා අතරට

මාස 15කට පමණ පසු අද (02) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 300කට වඩා අඩු අගයක් වාර්තා කළේය. ඒ 2023 ජූනි 8න් පසු පළමු වතාවටය.  ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 299.35ක් වන අතර වත්මන් ගැනුම් මිල රුපියල් 290.30 කි.

Continue Reading

ජනාධිපතිට ලෝක බැංකුවේ සහාය

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ …

Continue Reading

IMF ප්‍රධානියා ජනපතිට සුභපතමින් දුන් පොරොන්දුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා / Kristalina Georgieva ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යවමින්, අනාගත සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම් බව යළිත් අවධාරණය කළාය. “අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් විශිෂ්ට සම්බන්ධතාව IMF හි අපි ඉතා අගය කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන …

Continue Reading