පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති...