මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ …

Continue Reading

බැඳුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනතට නොවැටෙන්නේ කෙසේද..?

බැදුම්කර වාර්තාව ප්‍ර‍සිද්ධ කිරීම අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවේ. තොරතුරු අයිතිය තහවුරු කිරීමකි! මැයෙන් කැෆේහි වත්මන් විධායක අධ්‍යක්ෂ, දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක කීර්ති තෙන්න‍කෝන් විසින් කරනලද කරුණු පැහැදිලිකිරීමක් අප වෙත ලැබී තිබේ. එය මෙසේ සම්පූර්ණයෙන්ම පළ කරමු. බැදුම්කර වාර්තාවේ අන්තර්ගතයේ කොටසක් මගින් 1927 අංක 4 දරණ අසහ්‍ය ප්‍ර‍කාශන ආඥා පනත උල්ලංඝනය විය හැකි බැවින් එම වාර්තාව ප්‍ර‍සිද්ධ …

Continue Reading

ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාව ජනපති අතට; ජනපතිගෙන් නීතිපති අතට!

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ප්‍රශ්නගත භාණ්ඩාගාර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු …

Continue Reading

අගමැති අද බැඳුම්කර ජනාධිපති කොමිසමට

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්‍ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍අද (20) පෙනී සිටියි. එම කොමිසම ඉදිරියේදි තමා පිළිබඳව සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සුදානම් බවට අගමැති වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබිණි. ධූරය දරමින් සිටියදි අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත සාක්කි දිම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය …

Continue Reading

රවීගේ පවුලට අර්ජුන් අලෝසියස්ගෙන් ඇමතුම් පිට ඇමතුම්!

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (16) අනාවරණය වී තිබේ. ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා …

Continue Reading

බැඳුම්කර කොමිසමේ කාලය යළි ඇදෙයි

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය තවත් සති 06කින් දීර්ඝ කර තිබේ. කොමිසමේ ලේකම්, සුමතිපාල උඩුගමසූරිය සඳහන් කළේ, කොමිසමේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 08 වන දා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව ය. මේවන විට බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් සිදුකොට අවසන් අතර වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවට වාර්තාවේ.

Continue Reading

බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන්ද..?

රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්‍ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්‍ෂි විභාග කළ බොහෝ …

Continue Reading

CIDය සහ නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සඳහා බලපෑම් නොකළ බව PPTප්‍රධාන ගැනුම්කරු කියයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. කොමිසමට සහය වන ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමෙන් පැනයාමට දැරූ තැතක් වරදී

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා …

Continue Reading

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි. කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිෂන් සභා පත්කරමින් ඒ පිළිබඳ …

Continue Reading