ඇමති සුසිල් කොළ එළි දල්වයි
- RSL
- December 27, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- SLFP, susil premajayantha
- 0 Comments
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටු විය හැක්‌කේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් (පොහොට්‌ටුවත්) එක්‌වුවහොත් බව විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම අය බැවින් දෙපාර්ශ්වයට එක්‌වීමට ඒ නිසා කිසිදු බාධාවක් මතු නොවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එසේම ඕනෑම මොහොතක පොහොට්ටුවට, ශ්‍රීලනිපය සමඟ එක්වීමටත් ඒ සඳහා සාකච්ඡා කිරීමටත් දොරගුළු විවෘත බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

