පියුමි හංසමාලිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමක්

Spread the love

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ වන විට  ඇයගේ සමාගමේ නිෂ්පාදිත ද්‍රව්‍ය බෙදා හරින ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි.

Related Posts