මෙවර සයිටම් විරෝධී වර්ජනය පෙරට වඩා සාර්ථකයි; පාසැල් රැසක් වැසෙයි (Photos)
- RSL
- September 21, 2017
- පුවත් සහ වාර්තා
- Abolish SAITM, GMOA Strike, SAITM
- 0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව අද(21) සිදුකළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වී ඇතැයි වාර්තාවේ.
මෙවර වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන්ට අමතරව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද එක්වීම හේතුවෙන් අද (21) දින පාසැල් පවා වසා දමා ඇත. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසැල් කරා පැමිණි සිසුන් යළි නිවෙස් බලා ගොස් ඇත.
රජයේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල සහ එස්.බී. දිසානායක යන අයවලුන් විවිධ වරදාන වෙනුවෙන් සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාගේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රමිතියකින් තොර මෙම පහත් පෙළේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනය නීතිගත කිරීමට දරණ උත්සහය හේතුවෙන් මේ වන විට මෙරට අසරණ රෝගී ජනතාව දැඩි අපහසුවට පත්වෙමින් සිටී.





ඡායාරූප අනුග්‍රහය: ලංකාදීප

