මහ බැංකු කොල්ලයේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුම ජනපති අත් නොහරී (වීඩියෝ)
- RSL
- March 18, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Arjun Mahendran, Bond Scammer, President Maithripala Sirisena
- 0 Comments
ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්.
එහෙත් මේ රටේ මහජනතාවගේ මුදල් මහදවල් කොල්ලකෑ මෙම කුප්‍රකට හොරා අල්ලා එම මුදල් යළි රටට ලබාගැනීමේ උත්සහය අත්නොහැර ඇතිබවටද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියේය.