රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි
- RSL
- October 24, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- American Dollar, Dollar, Mangala Samaraweera, Sri Lankan Rupees, USA Dollar
- 0 Comments
2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය.
වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යාවශ්‍ය ආහාර පාන, ඖෂධ යනාදිය ඉතා සීඝ්රයෙන් ඉහළ යන අතර ජනතාව ඉන් ඇතිකරන බලපෑම අතිවිශාලය. එසේම රුපියල් වටිනාකම අනුව ගණනය කළ විදේශ ණය තොගය ද දිගින් දිගටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් තිබේ.
මුදල් ඇමති මංගලගේ මෙම නොහැකියාව හේතුවෙන් මේ වන විට ව්‍යාපාර සහ රටේ සමස්ත ආර්ථිකයම දැඩි අසීරු තත්වයකට පත්ව ඇති අතර මෙම තත්වය පාලනයට හෝ ඉන් ගොඩ ඒමට මංගලට හෝ ඔහුගේ ගෝලබාලයින්ට කිසිඳු විකල්පයක් නොමැති බව පැහැදිලිය. පසුගිය මාස 05 තුල පමණක් මුදල් ඇමති මංගල සමරවීර මෙරට සතුව තිබූ සංචිත ඩොලර් මිලියන 1268ක් දෛනිකව බාල්දු වන රුපියල පාලනය සඳහා නිකරුණේ දියකර හැර හමාරය.
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ දිනයේ දී එය පළමු වරට රු. 174 සීමාව ඉක්මවා ගියේය.

