ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක්
- RSL
- August 14, 2018
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- Cricket, South Africa, Sri Lanka Cricket
- 0 Comments
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 16.4 අවසානයේ ලකුණු 98 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
මුල් ඕවර 10 අවසන් වන විට ලකුණු 69 කට කඩුලු 4 ක් ලෙස සටහන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු පුවරුව, 11 වැනි ඕවරය අවසානයේ ලකුණු 73 කට කඩුලු 7 ක් බවට පත්කිරීමට දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලක්ෂාන් සඳකැන් සමත් විය.

