ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය.
පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ තාර වන අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට තාර ගෙන්වීමට සිදුකරනු ලබන ප්‍රසම්පාදන කටයුතු තෙල් ඇමති අර්ජුන රණතුංගගේ හා නි.ඇමති අනෝමා ගමගේගේ දේශපාලන බලයෙන් අත්හිටුවා ඇත්තේ අනෝමා ගමගේගේ සැමියා වු ඇමති දයා ගමගේගේ ව්‍යාපාරය හරහා 80/100 වර්ගයේ තාර ගෙන්වීමට බලපත්‍රය ලබා ගනිමිනි.
අර්ජුන රණතුංග ඇමතිවරයා පවුල් පාලනයෙන් තෙල් සංස්ථාවේ දුෂණ වංචා සිදු කරමින් තම මඩිය තර කරගන්නා විට නි.ඇමති අනෝමා ගමගේට ඇයගේ ව්‍යාපාර වලින් ලාභ ඉපැයීමට තාර ගෙන්වීමේ ඒකාධිකාරය ලභාදී ඇත්තේ තෙල් සංස්ථාව ඇමති හා නි. ඇමතිගේ පවුලේ බූදලයක් ලෙස තබා ගනිමිනි. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන රටේ ජාතික සම්පතක අනාගතය තම පවුල් වල සුඛ විවරණයට යොදා ගනිමින් ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවත් සමග රටම වළ පල්ලට ඇදගෙන යන්නට තෙල් ඇමති අර්ජුන හා නි. ඇමති අනෝමා කටයුතු කරන්නේ යහපාලන මූලධර්ම අමු අමුවේ මරා දමමින් වීම කණගාටුවට කරුණක් බව ඛණිජ තෙල් සේවකයෝ පවසයි.
උපුටනය: සුපිරි ගොසිප්