මේ වන අග්රාමාත්යධුරයේ රැඳී සිටින රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව මුස්ලිම් ක්රොංග්රසය තම සහය ලබාදිය හැකි බවට වන ප්රකාශයක් එහි නායක රවුෆ් හකීම් මහතා විසින් සිදුකර තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවන් අනුව ක්රියා නොකර විශ්වාසය කඩකිරීම් දිගටම සිදු කරන්නේ නම් ඊට දේශපාලනික වශයෙන් නිසි පිළිතුරු ලබාදීමට තමන් පසුබට නොවන බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පැවැසීය.
හෙතෙම මෙම අනතුරු ඇඟවීම කළේ පෙරේදා (24 දා) සිය පක්ෂ මූලස්ථානය වන දරුසලම්හිදී (සාම මන්දිරය) මුස්ලිම් කොංග්රසයයේ පැවති මන්ත්රීධුර ලැබූ සභිකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවේදීය.
පළාත් පාලන මැතිවරණයට පෙර එජාපය සමඟ තම පක්ෂය එකඟත්වයක් ඇතිකරගෙන කරළියට පැමිණි නිසා නොයෙකුත් අවලාද අභියෝගවලට මුහුණදීමට සිදුවූ බවත් දිගින් දිගටම විශ්වාසය කඩකිරීම් සිදුවේ නම් එම පක්ෂයත් සමඟ ගමන් කිරීම් අමාරු බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
තම පක්ෂය ජයගත් සභාවල බලය වෙනත් පක්ෂ සමඟ එකතුව තහවුරු කර ගන්නට උත්සාහ ගන්නේ නම් හෝ සභාපති ධුර නොදී වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගතවීමට උත්සාහ දරන්නේ නම් එයටද දේශපාලනික වශයොන් හොඳ පාඩමක් ඉගැන්වීමට ක්රියාකරන්නට පසුබට නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
හැකිතාක් දුරට රජය සමඟ එකට ගමන් කිරීමේ අරමුණින් ක්රියාකරන අතර තමන් බෙලහීන කර ඔවුන්ට ඉදිරියට යා නොහැකි බවද පැවැසූ රවුµඅ හකීම් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
පසුගිය සති 3 ක් තිස්සේ සිරිකොත මූලස්ථානයේ එ.ජා.පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කළ විෂයන් සහ ඉන්පසුව සිදුවන දේවල් පිළිබ`දව අවධානයට යොමුකරන විට තවදුරටත් එ.ජා.පක්ෂය සමග දීගයාම ඉතා අසීරු කාර්යයක් බව ඉතා කනගාටුවෙන් දන්වා සිටිමි.
මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාට අමතරව සන්ධානගතවී තරග කරන අනෙකුත් සුහද පක්ෂ සඳහා ද ලේකම්වරයෙකු සිරිකොත හි පත්කළ යුතු බව එම පක්ෂයේ නායක, අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙත මා විසින් දැනුම් දෙන ලදී. එසේ සිදුකිරීමට අපොහොසත් වේ නම් එක්සත් ජාතික පක්ෂය සම`ග සන්ධානගත වීම යථාර්ථයක් නොවේ.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ජය වාර්තා කරමින් බලය තහවුරු කිරීමට සුදුසුකම්ලත් පළාත් පාලන ආයතන සඳහා විවිධ පක්ෂ සම`ග සාකච්ඡා සිදුවෙමින් පවතී. සති දෙකක් පුරා සිදුකරන මෙම සාකච්ඡාවල අවසාන තීරණය ගැනීමට තවත් දින කිහිපයක් ගතවේ.