ලෝක කුසලානය ගැන අපේක්ෂා දල්වමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..!(Highlights)

Spread the love

මෙවර ලෝක කුසලානය ගැන අපේක්ෂා තවදුරටත් දල්වමින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09කට ලකුණු 232ක් ලබා ගත්තේය.

ප‍්‍රබල එංගලන්න පිතිකරුවන්ට එරෙහිව මුල සිටම සිටම ‍ආක‍්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත පිල ලකුණු 212කට දවාලීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මේ අනුව අවසන් පූර්ව වටයට යාමෙ බලාපොරොත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තබා ගත හැකි අතර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලකර ඇති කණ්ඩායම් අතරින් ඉහළින්ම සිටින එංගලන්ත කණ්ඩායම ඉදිරියෙ ලත් ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයකි.