තෙල්දෙණිය නිසා රට තුළ දින 10කට හදිසි නීතිය ක්‍රියාත්මකයි
- RSL
- March 6, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මේ වන විට මහනුවර තෙල්දෙණිය – දිගන ප්‍රදේශයන්හි හට ගෙන ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් අද(06) සිට දින 10ක් පුරා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළ බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ප්‍රධානත්වයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුන බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් දින 10 යක කාලයක් සඳහා හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් ඉන් පසුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

