56% ක ඡන්ද ප්‍රතිශයක් සමඟින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

Spread the love

අද(11) දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 56%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

එක් එක් පක්‍ෂ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය, ප්‍රතිශතය හා සභික සංඛ්‍යවන් මෙසේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 23,372 – 56.3% – 17
එක්සත් ජාතික පක්‍ෂය 10,113 – 24.3% – 07
එක්සත් ජනතා නිදහස් සන්ධානය 5273 – 12.7% – 03
ජනතා විමුක්ති පෙරමුණ 2435 – 5.8% – 02

ඇල්පිටිය ප්‍රබල සිංහල -බෞද්ධ ඡන්ද බල ප්‍රදේශයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහි 65%ක් ඉක්මවා ගිය තනි ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂා කළද ඔවුන් ලබාගැනීමට හැකි වී ඇත්තේ 56% ක් පමණි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට ගම්මට්ටමේ බිම්මට්ටමේ බලය තිබෙන බවත් ඔහු ජනාධිපති අපේක්ෂකත්වයට පත්කළහොත් එජාපයේ ජය නියත බවත් පැවසුවද සජිත් ප්‍රේමදාසට ගම්මට්ටමින්, බිම්මට්ටමින් බලාගත හැකිව ඇත්තේ සියයට 24% ක ඡන්ද ප්‍රතිශතයකි.

එසේම ඇල්පිටියේ මැතිවරණ ඉතිහාසය ගත් කළ එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ජය ගෙන ඇත්තේ එක් වරක් පමණක් වන අතර ඒ 2002 වර්ෂයේ පමණි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරඟ කරයි.