වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට
- RSL
- October 26, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- Doctors, GMOA, SLMC, Sri Lanka Medical Council
- 0 Comments
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත.
දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත් එහි අඩුපාඩුවක් ඇත් ද යන්න අද දිනයේ දී සාකච්ඡා කළ බවත් එහිදී පවතින අවම ප්‍රමිතියේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ නිසා එය තවදුරටත් වෙනස් කළ යුතු නොවන බව තීරණය කළ බවත් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් සයිටම් ආයතනයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වූ විසදුම් ඇතුළත් කොට සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පාර්ශව වෙත යවා ඇති අතර, එහි එක් පිටපතක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෙත ද යවා ඇති බව වාර්තා වෙයි.

