යනවා කියපු අය ජනපති සමඟ සාදයක
- RSL
- September 14, 2017
- දේශපාලන
- Mahinda Rajapaksa, Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
- 0 Comments
ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
ආණ්ඩුවෙන් ඉවත්වන බව පවසන එම ඇමැති පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මෙහිදී තනතුරුද ලබාගත් බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඒ නිසා එවැනි ඇමැතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමක් සිදු නොවන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

