ශ්‍රීලනිපය ජනපතිට ශක්තියක් වෙමින් රනිල් අගමැති එලවීමේ සටනකට පණ පොවයි (විශේෂ-Video)
- RSL
- February 19, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
මේ වන විට බලහත්කාරයෙන් අග්‍රාමාත්‍යධුරයේ එල්ලී සිටින රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් එලවා දමමින් ශ්‍රීලනිපය ප්‍රමුඛ වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීමේ සටනට ජනාධිපතිවරයාටත් ශක්තියක් වෙමින් ඔහු සමඟින් එම සටන ඉදිරියට ගෙන යන බව අද(19) ශ්‍රීලනිපය සහ එජනිසය ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයටත් හිසරදයක්ව ඇති රනිල් වික්‍රමසිංහව හැකි ඉක්මනින් අගමැතිධුරයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලා ඊට අදාළ මෙහෙයුම් දිගටම සිදුකරන බවත්, මේ වන විට ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධාන ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පමණටත් වඩා ඇති බව එස්.බී. දිසානායක අමාත්‍යවරයා පවසා සිටියේය.

