ශ්‍රීලනිප, එජාප, ඒකාබද්ධ මන්ත්‍රීවරු තැන් තැන්වල රහස් සාකච්ඡා; කොන්දේසි විරහිත එකඟතාවයට එයි (Exclusive)

Spread the love

නොවිසිඳුණු දේශපාලන අර්බුදය සහ රනිල් අගමැතිධුරයෙන් නෙරපා හැර ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තවමත් නොසෙල්වී තැන් තැන්වල රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට වාර්තාවේ.

මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වන එක් මන්ත්‍රී කණ්ඩායමක් 4,5 සිට 15-20 දක්වා වන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්ද නොසැලී රනිල් අගමැතිකමින් නෙරපීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිති.

මෙහිදී සිදුව ඇති සුවිශේෂීම කරුණ වන්නේ, ශ්‍රීලනිපය, එජාපය සහ ඒකාබද්ධය යන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල කොන්දේසි විරහිත පූර්ණ එකඟතාවය මේ වන බලහත්කාරයෙන් අගමැතිධුරයේ රැඳී සිටින රනිල් එලවීම සඳහා හිමිවීමයි.

මෙම මෙහෙයුමට මේ වන විට එජාපයේම බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහය හිමිව ඇති අතර, රනිල් සමඟ තවදුරටත් කිසිසේත්ම ඉදිරියට යා නොහැකි බව ඔවුන්ද එකහෙළා පිළිගෙන ඇත.

එම නිසා රනිල්ව අගමැතිකමින් ඉවත්කොට ගෙදර යැවීමත්, පක්ෂය සහ නායකත්වය ඔහුගෙන් බේරා ගැනීම සඳහාත් ශ්‍රීලනිපය සමඟ එක්ව අවසානය දක්වා සටන් කිරීම ඔවුන්ද තීන්දුකර ඇතැයි අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.