ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි
- RSL
- December 18, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- TNA, UNF-TNA government, UNP
- 0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත.
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්ඡාවේදී මෙම තීරණයට එකග වී තිබේ.
මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් රැගෙන “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන”ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා තව දුරටත් ක‍්‍රියාත්මක බවයි.

