ශ්‍රීලනිපයේ ලෙඩ සුව වෙයි.. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පැමිණෙති

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව හෝ විපක්ෂයව ඡන්දය දීමෙන් වැලකී සිටීමට ගත් තීරණය නිල තීරණයක් නොවන බවත්, එය ඒ.එච්.එම්.ෆවුසිගේ පෞද්ගලික මතයක් බවත් සඳහන් කරමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශ්වාසභංගය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ‍්‍රීලනිප ඡන්ද විමසීමෙන් බැහැර වන්නේ යයි රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසිගේ ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අබේවර්ධන පවසන්නේ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇති බවයි.

ඇමති මහින්ද අමරවීරගේ නිවසේදී රැස්වුනු ශ‍්‍රිලනිප කණ්ඩායම මෙම තීරණය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතාද පවසන්නේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කල බවයි.