මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (28) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කෙරේ.
මෙහිදී දේශපාලන පක්ෂ 15 ක අවබෝධතා ගිවිසුමට අත්සන් කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය ද එදින එළිදක්වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (26) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.