එදා කළු එසවූ සිවාජිලිංගම් ඇතුළු පිරිස ජනපති හමුවෙයි
- RSL
- October 19, 2017
- උණුසුම් පුවත්
- 0 Comments
පසුගියදා යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.
ඔවුන් මෙහිදී සිය ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඩුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කර, දැනට නඩු කටයුතු සිදුකරමින් සිටින පිරිස් වෙත සහනයක් ලබාදෙන ලෙස ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

