සිල් රෙදි හොරු වෙනුවෙන් දඩ ගෙවීමේ පිණ්ඩපාත චාරිකාව ඇරඹේ
- RSL
- September 15, 2017
- පුවත් සහ වාර්තා
- 0 Comments
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවකදී රාජ්‍ය දේපල මිලියන 600ක් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදාදීමක් සම්බන්ධයෙන් දඬුවමට ලක්වූ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනාට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කිරීම සදහා මහා සංඝරත්නය පිණ්ඩපාතයේ වැඩිම අද (15)උදෑසන ආරම්භ විය.
කොළඹ ලෝටස් පාරේ සම්බුද්ධාලෝක මහා විහාරයෙදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පිණ්ඩපාත චාරිකාව ඇරඹුනු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රාජ්‍ය සේවකයින් රටට කරපු සේවය අවමානයට ලක් කිරිමට දරන උත්සහාය මහා සංඝරත්නය ලෙස හෙලා දැකීම මෙම පිණ්ඩපාත චාරිකාවේ අරමුණ බව පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී පැවැසීය.
සමාජයේ යහපත වෙනුවෙන් කැපවුණු හොඳ මිනිසුන්ට සිරගත වීමට සිදුවන විට සමාජයට අහිතකර මින්ස්සු ගරු කරන කාලයක් උදා වී තිබෙන බවත් පැවැසූ අභයතිස්ස හිමි ලලිත් සහ අනූෂ යන මහත්වරුන් වරදක් කළා කියා පිළිගෙන මෙය නොකරන බවද කීය.

