ඉන්දීය-ශ්‍රී ලංකා ගිවිසුම් 10කට අත්සන් තැබේ
- RSL
- April 27, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී (අප්‍රේල් 26 -29) දෙරට අතර අවබෝධතා ගිවිසුම් 10 කට නිලධාරි මට්‌ටමින් අත්සන් තබන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
සංස්‌කෘතික, සමාජ, වෙළෙඳ, ආර්ථික අංශවල විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව මෙම අවබෝධතා ගිවිසුම් සමන්විත වන බවද මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමි වූ බවද ඊයේ (26 දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.
ආර්ථිsක ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්‌වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුම අත්සන් කළද දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළැඹීමට පෙර අදාළ අමාත්‍යාංශ විසින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් වෘත්තීය සමිති දැනුවත් කිරීමටත් පියවර ගන්නා බවද ඇමැතිවරයා කීවේය.