මඳුරුවන්ගෙන් බේරීම සඳහා පාසැල් නිල ඇඳුම වෙනස් කරයි
- RSL
- July 17, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.
මේ යටතේ පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටී ෂර්ටයක් හෝ අත්දිග කමිසයක් භාවිත කළ හැකි බව අමාත්‍යාංශය කියයි.
ඇඳුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.
වාර්තා වූ ඩෙංගු රෝගීන් අතුරින් සියයට 30 ක්ම පාසල් සිසුන් වන අතර මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ නිල ඇඳුම වෙනුවට මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැකි ඇඳුමක් භාවිත කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.