එජාපය නායකත්වය සමඟින් ඕනෑම වගකීමක් භාර ගන්න මම සූදානම්
- RSL
- November 13, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sajith Premadasa, United National Party, UNP
- 0 Comments
පක්ෂය විසින් නායකත්වය ඇතුළු තමාට ලබාදෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් ද යන්න පිලිබඳ බී.බී.සී. පුවත් සේවය සිදුකළ විමසීමකදී සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එය සිදු වන නිසි ක්‍රමවේදයක් තිබේන බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වැඩි දුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට බවත් නිත්‍යානුකූලව සිදු වන කිසිදු මැතිවරණයකට තම පක්ෂය බිය නොවන බවත්ය.

