කථානායක කරුට මෙන්ම ඉදිරියට එන සජිත්ගේ නායකත්වයටත් සුබපතා මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මානයක්!
- RSL
- March 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, Sajith Premadasa, UNP
- 0 Comments
පසුගියදා කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු කාරක සංඝ සභාවේ හා මහ නායක හිමිවරුන් ගේ ඒකමතික නිර්දේශය මත කෙනෙකුට ලැබිය හැකි අති සුවිශිෂ්ටතම ගෞරව සම්මාන නාමය වන “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයෙන් පුද දෙන ලදි.
එය මහනායක හිමිවරුන් විසින් දැනට ලබාදෙන ඉතාම විරල ඉහළම ගෞරව සම්මානය බවට ද ඒ සඳහා නිර්දේශ වීම එතරම් අසීරු කරුණක් බව බෞද්ධ ආචාර්යවරු හා විද්වත් හු පවසති.
එතෙක් මෙතෙක් එම ගෞරව සම්මානයෙන් පුදලද සිව්වැනියා කතානායක කරු ජයසූරිය මහතා වන අතර මීට පෙර එම ගෞරව සම්මානයට උරුමකම් ලබා ඇත්තේ මෙරට රාජ්‍ය නායකයින් තිදෙනෙක් පමණක් වීම අති සුවිශේෂ කරුණකි.
එහි දිගුවක් ලෙසින් කතානායක කරු ජයසූරිය මහතාට මෙන්ම නායකත්ව ගුණැති දෙස බස රැස සුරකින්න කටයුතු කරන ආනාගත ජාතික නායකත්ව ලක්ෂණ විදහා පාන නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය විසින් ‘ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන‘ යන ගෞරව නාමය පිදීම හෙට (31) මහනුවර මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේදී සිදු කිරීමට නියමිතය. අනාගතයේ යම් දිනෙක සජිත් ප්‍රේමදාස මහතා ද කතනායක කරු ජයසූරිය මහතා වෙනුවෙන් පිරිනැමු ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී යන විරල සම්මානයටද නිර්දේශ වනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ සම්මානය ඒ සඳහා යන ගමනේ ආරම්භක පියවරයි.

