මං නියත ජනාධිපති.. හොරුත් අල්ලනවා.. හොරා කෑ ධනයත් ගේනවා.. සජිත් කියයි
- Editor
- April 28, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
රට හොරා කාපු පවුල් පාලන හැතිකරය අනිවාර්යෙන්ම තම ආණ්ඩුවක් යටතේ නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එපමණක් නොව ඔවුන් නිසා රටට අහිමි වූ ධනය ආපසු අය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය.
එනිසා මෙම වසරේ තමන්ට නියත වශයෙන්ම ලැබෙන ජනවරම ඔස්සේ හොරුත් අල්ලා හොරුන් හොරා කෑ ධනයත් නැවත රටට ලබා දෙන බවත් හෙතෙම කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමිනි.

