ජෝතීඥවේදීන් කියූ මඟ යමින් කඩා වැටෙන ප්‍රතිරූපය ගොඩ ගන්න සජිත් ජලනිට ‘ජනපති ආර්යා’ සළු පොරවයි; ප්‍රේමදාස පවුල එන්නේ මොකාටද යන්න පාක්ෂිකයන්ට පෙන්වයි(වීඩියෝ)
- RSL
- July 14, 2019
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Jalani Premadasa, Sajith Premadasa
- 0 Comments
ශ්‍රී ලංකාවට ටයර් සෑයවල් මත මිනිස් ජීවිතයක ගමනාන්තය කෙළවර කිරීමේ මිලේච්ඡ සංස්කෘතිය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ පවුල යළිත් පවුල පිටින් අවදිවන්නට පටන්ගෙන ඇති අතර ඒ රණසිංහ ප්‍රේමදාසගේ කුප්‍රකට පුත් සජිත් ප්‍රේමදාස කඩිමුඩියේ ඇඳගන්නට යන ජනාධිපති චරිතයත් සමඟය. සියල්ලටම වඩා පවුල් පසුබිමෙන් එන ජෝතීඥවේදය සහ මලයාලී ගුරුකම් විශ්වාසකරන ප්‍රේමදාසලාගේ සජිත් ප්‍රේමදාස, තම ජෝතීඥවේදීන්ගේ උපදෙස් මත රාජයෝගය තමාට එන්නේ බිරිඳගෙන් යැයි විශ්වාස කරමින් දිනෙන් දින කඩා වැටෙන තම ප්‍රතිරූපය ගොඩගන්නට තම බිරිඳ ජලනි ප්‍රේමදාසව පසුගියදා නැකතකින් දේශපාලන වේදිකාවට මුදාහැරියේය.
තම පළමු කථාවෙන්ම එජාප අනාගත නායක සජිත් ප්‍රේමදාසයේ “ආර්යාව” යැයි තමාට තමා විසින්ම ආමන්ත්‍රණය කරගනිමින් කථාව ඇරඹූ සජිත්ගේ නීත්‍යනුකූල බිරිඳ ලෙස පෙනීසිටින ජලනි ප්‍රේමදාස, යළි යළිත් එක්සත් ජාතික පක්ෂිකයින්ට සහ ජනතාවට අවර්ජනය කළේ ප්‍රේමදාසලාගේ පෙර පුරුදු වෙනස් වී නොමැති බවයි.
ජලනි ප්‍රේමදාස මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
ඇය එහිදී මෙසේද කීවාය. එම කතාව අප සංස්කරණයකින් තොරව ඔබට ඉදිරිපත් කරන්නේ සජිත් ඇතුළු ප්‍රේමදාස පවුල එක්සත් ජාතික පක්ෂයට මුවා වී මේ එන්නේ මොකාටද යන්න හොඳින් අවබෝධකර ගැනීම සඳහාය.
‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.
සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්. ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.
සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි. ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

