සජිත් සහ ගෝලයින්ගේ සිහින බොඳවන යෝජනාවක් ලඟදීම අනුමැතියට

Spread the love

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය මෙන්ම පාක්ෂිකයින්ගේද අනුමැතිය මේ වන විටත් ලැබී ඇත.

අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නන් තම අධ්‍යාපන සුදුසුකම් සහ තමන්ගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදාමන් කෙරෙමින් ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් වන අතර ප‍්‍රබල ඇමතිවරයෙකු ඉදිරියේදී යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ජනාධිපති අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන තැනැත්තාට අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.

මෙම යෝජනාව ස්ථිර වුවහොත් ජනාධිපති අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර සිටින සජිත් පේ‍්‍රමදාස මහතාටද ප‍්‍රබල ලෙස බලපානු ඇත්තේ ඔහු කිසිදු අවස්ථාවක සිය දිස්ත‍්‍රික්ය වන හම්බන්තොට හෝ ආසනය දිනා නැති නිසාය.

එමෙන්ම ඔහු සාමාන්‍ය පෙල සමතෙක්ද නොනවන බව මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත.