Exclusive: අවසානයේදී සජිත් රනිල් ඉදිරියේ දණින් වැටී ඔහු වෙනුවෙන් සටන් කළ පිරිස් යළි යළිත් පාවාදෙමින් අනාත කරයි

Spread the love

මීලඟ ජනාධිපති අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය තමා ලබාගැනීමට තමා නොබියව කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තම අනුගාමිකයින් වී සිටින මැති ඇමතිවරුන්ට දිගින් දිගටම පාරම්බෑවද අවසානයේ පසුගියදා පැය 02කට ආසන්න කාලයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවති රහස් සාකච්ඡාවේදී “තමාට අවශ්‍යවන්නේ ජනාධිපතිවරණය සඳහා ශක්තිමත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට ජයග්‍රණය විජයග්‍රහණයක් බවට පත්කිරීම බව යැයි” පසමින් සජිත් අමු අමුවේ තමා වෙනුවෙන් සටන් කළ අනුගාමිකයින් අගමැති රනිල්ගේ දෙපා මුල පාවා දී ඇත.

සජිත් ප්‍රේමදාස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සමඟ හොර රහසේ පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ බව අනාවරණය වීමත් සමඟ සජිත්ගේ අනුගාමිකයින් සතර දෙසින් සජිත්ගේ දෙමාපියන්ද සිහිපත් කරමින් අමතා ඇති අතර අවසානයේ ඔවුන්ගේ බලවත් ඉල්ලීම මත සජිත් ඔවුන් අන්දවමින් අස්වැසීම සඳහා තවත් ව්‍යාජ ප්‍රකාශයක් ඊයේ (09) මාධ්‍ය නිවේදනයක් ලෙස මුදාහරිමින් වේදිකාවේද දිගහැරීයේය. තම අනුගාමිකයින්ගෙන් ගැලවී විසීම සඳහා කළ ප්‍රකාශයෙන් සඳහන් කර තිබුණේ “සන්ධානයක් පිහිටුවීමට තමා සියයට සීයක් නොව සීයයට ලක්ෂ වාරයක් එකඟ බවත්, එම සන්ධානයට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කරනු දැකීම තම පෞද්ගලික මතය බවත්”ය.

කෙසේ වෙතත් මේ වන විට සජිත් යළිත් වතාවක් තමාට නායකත්වය සහ අපේක්ෂකත්වය ලබාදීමට නායකත්වයට එරෙහිව යමින් සටන් කළ තම අනුගාමිකයින් එජාප නායකයාගේ දෙපාමුල පාවාදී පක්ෂය තුළ ඔවුන්ගේ දේශපාලන අනාගතය පාවාදී අවසන්ය. ඉදිරි තීරණාත්මක දින කිහිපයෙන් අනතුරුව සජිත් වෙනුවෙන් පක්ෂ නායක්තවයට එරෙහිව කඩේ ගිය කුක්කන්ට සහ ගොට්ටන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලිය. මින් පෙර සජිත් වෙනුවෙන් කඩේ ගොස් සිරිකොතට ගල් ගැසූ, කුරුඳු පොලු ගැසූ සජිත්ගේ හිටපු අනුගාමිකයින් ඔහු විසින් අමු අමුවේ පාවා දුන් පසු ඇතැමුන්ව පක්ෂයෙන් නෙරපූ අතර ඇතැමුන් පල නොකියා පලා බෙදීම තුල පක්ෂය හැරදා ගියහ. සමහරුන්ගේ දේශපාලන අනාගතයම ස්ථිර වචනයක්, ඉලක්කයක් නැති සජිත්ගේ අවස්ථාවාදීත්වය තුල විනාශ වී ගිය බව පැහැදිලිම සත්‍යයයි.

RSL

Related Posts