සැබෑ රෝගීන් නොමැතිව ආකෘති (ඩමීස්) වලින් සායනික පුහුණුවක් ලබා වෛද්‍යවරයෙක් වූ අයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමැතිනම් සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න එකඟ වන්න යෑයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා පැවැසීය.
ආසිරි කරුණානායක එලෙස පැවසුවේ පසුගියදා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී පැවැති සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු, ජනතාව මුලාකරන ව්‍යාජ විසඳුම් එපා· මර්දනය නවතනු· යන තේමාව යටතේ පැවැති පාගමන අවසානයේ ඇවරිවත්ත කටුනායකදී පැවැති රැස්වීම අමතමින්ය.
තවදුරටත් කතා කළ ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා 2009 වසරේ ආරම්භ කරන්න යෙදුන මෙම හොර උපාධි කඩය රුපියල් ලක්ෂ 120 ක් වැයකරමින් නුපුහුණු වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ කර්තව්‍යයේ නියෑළී සිටිනවා.
එදා සිට මේ දක්වා වෛද්‍ය වෘත්තිකයන් හා වෛද්‍ය ශිෂ්‍යයන් එය අහෝසි කිරීමේ සටනක නියෑළී සිටිනවා. මාස හතක් වැනි කාලයක් අප ශිෂ්‍ය සංගම් ඒකාබද්ධව පන්ති වර්ජනයක නියෑළෙමින් රජයට බලකර සිටිනවා. මෙම හොර උපාධි කඩය අහෝසි කරන ලෙස.
මේ කිසිවකට කන් නොදී මුදලට යටවී වත්මන් ආණ්ඩුව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තා යෑයි පටතිර විවර කරමින් උත්සවාකාරයෙන් වසර 10 ක බද්දකට ලබාගෙන පාඩු ලබා ණය ගෙවාගන්න බැරි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ණය ගෙවා දැමීමේ ක්‍රියාවක නියෑළී සිටිනවා.
මෙම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෛද්‍ය සභාව විසින් දෙවරක් නිරීක්ෂණය කළත් අනුමැතියක් නොදුන් රෝහලක්. ඇඳන් දෙසීයක රෝගීන් නොමැති එක වාට්ටුවක එක් රෝගියෙක් පමණක් ඇති රෝහලක්. ශික්ෂණ රෝහලක් කරනවා පමණක් නොවේ මුදල් මත වෛද්‍ය උපාධි පිරිනමනවා. ඔවුන්ගේ පාප ක්‍රියාවන්ට නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍ය වෘත්තිකයන් වන්න පෙරුම් පුරන අපි වගේ අයටද නිසි තැන අහිමි වෙනවා යෑයි පැවසීය.
මේ අවස්ථාවට එක්ව සිටි අන්තර් සමාගම් සේවක සංගම් ප්‍රධාන ලේකම් වසන්ත සමරසිංහ මහතා නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට පැමිණි 7000 කට තරුණ වෛද්‍ය ශිෂ්‍යයන් මේ වන විට තම පන්ති වර්ජනය මාස හතක කාලයක් කැපකර රජයෙන් ඉල්ලා සිටින්නේ මුදලට රටක් ලෙඩ කරන හොර සයිටම් උපාධි කඩය වසා දමන්න පියවර අරගන්න කියන දේ පමණයි.
ඔවුන් තම වෛද්‍ය වෘත්තිය පෙනි පෙනී මෙම පන්ති වර්ජනය සිදුකරන්නේ සැබෑ වුවමනාවට යෑයි මුදලට යටවූ ඇමැතිවරුන්ට වැටහෙන්නේ නෑ.
අපි ඒ අයට කියනවා ඇමැති පුටුවට ආසනම් හෝ ඇමැති පුටුවේ තවත් ඉන්න අවශ්‍ය නම් හොර උපාධි කඩේට කඩේ යන එක නවත්වන්න කියා.
මේ වන විට වෛද්‍ය වෘත්තිකයන් වෛද්‍ය ශිෂ්‍යයන් කම්කරු වෘත්තීය සංගම් වැඩකරන ජනතාව එක්ව පාරට බැහැලා විරෝධතා පාන යුගයක් බවට පත්වෙලා. මේ සියලුම ප්රගතිශීලී ජනතාව එකතුව දෙවැනිදා පවත්වන ජන බල විරෝධතාවලින් ආණ්ඩුවට හොර උපාධි කඩේ වහන්න නියෝග කරනවා.
-දිවයින-