සයිටම් අධ්‍යක්ෂයෙන් රඟදැක්වූ “වෙඩිල්ල” නාටකයේ නළුවා කාටත් හොරෙන් රට පනී (Video)
- RSL
- February 10, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, SAITM
- 0 Comments
පසුගිය 06 වනදා සයිටම් ආයතනයේ සිට මීටර් 700ක් පමණ දුරකින් වෙඩි ප්‍රහාරයකට මුහුණදුන්නේ යැයි පැවසූ මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න හදිසියේම විදේශ ගත වී තිබේ.
මේ වනවිටත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊයේ (09) වෙඩිතැබීම සම්බන්ධයෙන් රස පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කර ඇත.
එම වෙඩි තැබීම සිදු වූ මොහොතේ සමීර සේනාරත්න මහතා හැඳ සිටි ඇඳුම්ද රසපරීක්ෂණ කටයුතු සඳහා ලබාගෙන තිබේ. මෙවැනි වටපිටාවක් තුළ අද (10) පෙරවරුවේ ඔහු හදිසියේම රුසියාව බලා පිටත්ව ගොස් ඇත.
ආශ්‍රිත පුවත්: සයිටම් වෙඩිල්ල සයිටම් එකේම සැලැස්මක්! (විශේෂ)