දෙමළ සන්ධානය එජාපයට විකුණන්න සුමන්තිරන් වලි කයි; TNA මන්ත්‍රීවරු 06ක් ඉවත්වෙති

Spread the love

එදා සිට එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් වූ දෙමළ ජාතික සන්ධානයේ නොනිල නායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් දෙමළ ජනතාව වෙනුවෙන් වසර තුනහමාරයක් තිස්සේ කිසිඳු දෙයක් නොකළ එක්සත් ජාතික පක්ෂයට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් විකිණීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බවට වාර්තාවේ.

එම් ඒ සුමන්තිරන්ගේ දැඩි උවමනාව සහ බලහත්කාරකම මත දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීමට තීරණය කිරීම හේතුවෙන් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති බවට එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

මෙසේ ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස් සිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, එස්. ශ‍්‍රීධරන්, චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන්ය.

මෙම සියලු දෙනාම දෙමළ සන්ධානයේ නායකත්වය බලහත්කාරයෙන් සියතට ගෙන කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ ඒකාධිපති අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වමින් සිටිති.

එක්සත් ජාතික පෙරමුණ සහයෝගය දෙන්නේ යැයි පවසමින් පසුගියදා ඉදිරිපත් කරන ලද ලිපිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගත් එකක් බවත්, කිසිඳු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් සඳහා සහයෝගය දීමට එක්වීමට තමන් සූදානම් නැති බවයි.