රාජපක්ෂවරුන් අදාලම නෑ..! පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ට..! ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්..!
- Editor
- January 4, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බවත් අමුණුගම මහතාගේ කියා සිටී.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

