ජනපති සිරිසේන එජාපයම ගොනාට අන්දවමින් රුවන්ට දුන් රාජ්‍ය ආරක්ෂක ඇමති පට්ටමේ තරම හෙළිවෙයි! ආතල් අරන් යන්න ආ සාගල, ෆීල්ඩ් මාෂල්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලිස්සයි (වීඩියෝ)

Spread the love

ජනාධිපතිවරයා නමට තමාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරය පිරිනැමුවද තමා යටතේ තිබුණේ රක්නා ලංකා සමාගම, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන බවත්, තමා යටතේ රාජ්‍ය ආරක්ෂාවට වගකියන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ වැනි කිසිඳු ආයතනයක් නොවූ බව අද(06) තේරීම් කාරක සභාව හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තම විෂය පථය පවසමින්, ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට ලබාදී ඇති මදය ගිල්ල ගෙඩි මෙන් වූ ඇමති පට්ටම් වල තරම හෙළි කළේය.

අද(06) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී කමිටු සමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රශ්න කර සිටියේ රුවන් විජේවර්ධන මහතාට එම අමාත්‍යධූරය පිරි නැමීමට තිබු දැනුම කුමක් ද යන්නයි. එම තනතුරේ කටයුතු කිරීමේ දී ආරක්ෂාව ගැන දැනුමක් තිබුණා නම් හොඳයි ද නේද යනුවෙන් මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, නිසැකයෙන්ම දැනුමක් තිබුණේ නම් හොඳයි, නමුත් තමාට ලබා දුන් රාජකාරී කටයුතු නිසි ලෙස කටයුතු කළ බව ද පැවසීය.

ෆොන්සේකා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිසැකයෙන්ම ආරක්ෂාව පිළිබඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය බවයි. ආරක්ෂක අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතා බාර ගනු ඇතැයි රජය බලාපොරොත්තු වු බවද මෙහිදී රුවන් විජේවර්ධන මහතා පැවසීය.

කෙසේ වෙතත් සහරාන් පිළිබඳ තමා අවබෝධයෙන් සිටියේ, 2017 කාත්තාන්කුඩි ප්‍රශ්නයේ දී හඳුනා ගත් නමුත් ඔහු ත්‍රස්තවාදියෙක් බවට හඳුනා නොගත් බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

ආරක්ෂක කවුන්සලය විසින් සහරාන් ගැන විරුද්ධව ගත යුතු පියවරක් ගැන නියෝගයක් ලැබුණේ ද යන්න පිළිබඳ මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමේ දී රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ එයට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසු බවයි.

ඉන් අනතුරුව ගෙදර යන ගමන් පොඩි විසිට් දාගෙන ආතල් එකක් අරන් යන්න පැමිණියාක් මෙන් විලාසයෙන් තේරීම් කාරක සභාවට ඇතුළු වූ හිටපු නීතිය සහ සාමය භාරව සිටි අමාත්‍ය සාගල රත්නායකගෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිඟිති කතා කියා ලිස්සා යෑමට උත්සහ කළද එම ෆීල්ඩ් මාෂල්වරයා ඊට ඉඩ නොදී තේරීම් කාරක සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීමට ගත් උත්සහය දිගින් දිගටම කැපී පෙණුනි.

RSL

Related Posts