දෙමළෙන් බණ දෙසූ එකම හිමියෝ අපවත් වෙති
- RSL
- April 18, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්රාහ්මණවත්තේ සීවලීතිස්ස අනු නාහිමියෝ අද (18) අපවත් වූහ.
දෙමටගොඩ නාග විහාරය, කිලිනොච්චියේ ලුම්බිණි විහාරය, නල්ලතන්නියේ නාග විහාර ශාඛා විහාරය යන සිද්ධස්ථානවල විහාරාධිපතින් වහන්සේ වූ සීවලීතිස්ස අනු නාහිමියෝ නාගදීප විහාරස්ථානයේ අවුරුදු 15ක් වැඩ වාසය කළ අතර දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළ එකම හිමියෝද වෙති.
දේහය දෙමටගොඩ නාග විහාරයේ තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව ආදාහන කමිටුව සඳහන් කරයි.