අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට දන්වයි
- RSL
- November 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Navin Dissanayake, Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා සිටින බව අද(30) එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව අමතමින් එජාප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක පවසා සිටියේය.
අගමැතිවරයගේ මෙන්ම සියළු ඇමතිවරුන්ගේ වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ට තවදුරටත් එම ධුරයන්හි රැදී සිටීමට කිසිදු අයිතියයක් නැතැයිද ඔහු කියා සිටියේය.
ඇමතිවරුන්ගේ වියදම් මුදල් කපා හැරීම සදහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කරහින් ඔහු මෙම ඉල්ලීම කලේය.
දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහය මත ඉතා ඉක්මනින් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පිහිටුවීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

