මරණ දඬුවම කල් දැමු හේතුව (වීඩියෝ)

Spread the love

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද ? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබා දීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල් දමා ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නැවැත්විමේ අරමුණින් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (09) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.

මහාධිකරණය,ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන අධිකරණ සියල්ලගෙන්ම නඩුව විමසා ලබා දෙන මරණ දඩුවමට ජනාධිපතිවරයාගේ අත්සන ලබා දීමට තිබීම වැරදි ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

අධිකරණයෙන් ලබා දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දීම අවශ්‍ය නොවන බවත් එය අනවශ්‍ය ක්‍රියාක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙවැනි ගැටළු පැවතීම නිසා ජනතාවට රටේ නීතිය ගැන අවිශ්වාසයක් ඇති වන බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.