දැන් දිනන්න ලෑස්‌ති වෙන්න – ජනපති නව ශ්‍රීලනිප සංවිධායකවරුන්ට කියයි
- RSL
- October 14, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- President Maithripala Sirisena, SLFP
- 0 Comments
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12) ප්‍රකාශ කර තිබේ.
නව දිස්‌ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (12) රාත්‍රී ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
ඉදිරි මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙන බැවින් ඒ සඳහා හොඳ අවබෝධයකින් සිට කටයුතු කර පක්‌ෂය සහ සන්ධානය ජයග්‍රහණය කිරීම නව සංවිධායකවරුන්ගේ කාර්යය විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
සියලු පාර්ශව එකතු කරගෙන මැතිවරණයට සූදානම් වීම පක්‌ෂයේ අභිප්‍රාය බවත් බෙදී වෙන් වී කිසිදු පක්‌ෂයකට ජයගත නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පවසා තිබේ.

