දිනය: 2012-08-18
“යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේය. යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේය. පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහිමය. එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේය.”
-අත්ත වග්ගො- ධම්මපදය-
———————————————————————————————————–
“මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය. නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.”
-රෝම 6:23- ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-17
“තමාට අහිත වූ අයහපත් දේ ලෙහෙසියෙන් කරගත හැකිය. යම් දෙයක් තමාට වැඩදායක හෝ යහපත් හෝ වේ නම් එය කිරීම ඉතා අමාරුය.”
-අත්ත වග්ගො- ධම්මපදය-
———————————————————————————————————–
“නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලුවැඩපලවලදී නුඹට ආශිර්වාද කරනවා ඇත.”
-ද්වීතීය කථාව 14:29- ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-16
“ස්ථිර පැවැත්මක් නැති, වණ ගොඩක් වූ, ඇට කටුවලින් ගලපා සිටුවන ලද, ගිලන් වූ නොයෙක් දෙනා විසින් නොයක් අයුරින් කල්පනා කරන ලද, ඇඳුම් පැළඳුම්වලින් විසිතුරු කරන ලද මේ ශරීරය දෙස බලව. දිරාගිය මේ රූපය (කය)රෝගයන්ට කැදැල්ලක් බඳුය, එය වහා නැසෙන සුලුය. නව දොරකින් කුණු වැගිරෙන මේ ශරීරය වහා බිඳේ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය.”
-ජරා වග්ගො- ධම්මපදය-
———————————————————————————————————–
“මාර්ගයද, සැබෑවද, ජීවනයද මමය. මා කරණකොට ගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සේත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයැයි කීසේක.”
-ශු.යොහාන් 14:6-7 – ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-15
“යමෙකු බැරිවීමකින් පවක් කළත් නැවත නැවත එය නොකළ යුතුය. පවට ආශා නොකළ යුතුය. පව් රැස් කිරීම දුකට හේතුවේ.”
-පාප වග්ගො – ධම්මපදය-
———————————————————————————————————–
“මරණය දක්වා විශ්වාසව සිටින්න. එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි”
-එළිදරව්ව 2:10- ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-14
“යමෙක් අනුන්ට දුක් දී තමන් සැප ලබන්නට කැමතිවේද, වෛරයෙන් බැඳුණු සිත් ඇති ඔහු වෛරයෙන් නොමිදේ.”
-පකිණ්ණ වග්ගො- ධම්මපදය-
———————————————————————————————————–
“ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබන්නේය. උන්වහන්සේ ඊට දුක එකතු නොකරන සේක.”
-හිතෝපදේශ 10:22- ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-13
“අනුන්ගේ රළු පරළු කතා හා කළ නොකළ දේ ගැන නො සෙවිය යුතුය. තමා ම කළ නොකළ දේ ගැන සෙවිය යුතුය.”
-පුෂ්ප වග්ග – ධම්මපදය –
———————————————————————————————————–
“නුඹේ පටන්ගැන්ම කුඩා නමුත්, නුඹේ අන්තිමය බොහෝ සෙයින් වැඩිවන්නේය”
-යෝබ් 8:7 – ශුද්ධ වූ බයිබලය-
====================================================================
දිනය: 2012-08-12
නිරතුරුව සැලෙන, වෙනස් වන සිත; ඉන් වැළැක්වීමත්, රැකීමත් අපහසු වන්නේය. එහෙත්, හී වඩුවා ඇද හරිමින් හීයක් සෘජුව සකස් කරන්නේ යම් සේද, නුවණැති තෙමේ අයහපත් සිතුවිලිවලින් සිත මුදවා ගනිමින් ඒ සිත සකස් කරගනී.
-චිත්ත වග්ගය- ධම්මපදය-
———————————————————————————————————–
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක.
– යෙසායා 26:3- ශුද්ධ වූ බයිබලය-
====================================================================