සිංගප්පුරුවේ සැපට ඉන්න රනිල්ගේ ගජයා අල්ලන්න තවත් රතු නිවේදනයක්
- RSL
- April 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Arjun Mahendran
- 0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ විශ්වාසය සහ වගකීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 වසරේදී පත්කරන ලදුව මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20) රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්ථා තුනකදීම වරෙන්තු නිකුත් කෙරිණි.
එසේ වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳ කරුණු දක්වමින් මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදනය නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවෝ දැනට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
බැඳුම්කර නඩු විභාගය ආරම්භ වීමටත් පෙර ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන කාලයේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට සිට සිංගප්පූරුවට ගියේ ය.
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව මෙසේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත ඔහු අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවනු ඇත.

