පාක්ෂිකයන්ට සිදු වූ වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කරනවා
- RSL
- January 2, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karunanayake, UNP
- 0 Comments
පසුගිය වසර කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයාට වැඩක් සිදු නොවුණු බව පිළිගන්නා බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි.
පාක්ෂිකයන්ට සිදු වූ එම වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාවට පිළිගත හැකි පක්ෂයක් සහ රජයක් වශයෙන් ජනතා පොරොන්දු ඉටු කරන බවත් ඔහු පැවැසුවේය. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් නිකරුණේ බොරු පොරොන්දු දී ආර්ථිකයේ ප්‍රශ්න වැඩිකර ගැනීම සිදු නොකොට ජනතාවට ප්‍රතිලාභ සැලසීමට අවශ්‍ය මාර්ග හෙළි පෙහෙළි කරගැනීම සිදු කළ යුතු යැයිද හෙතෙම පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ 2019 වර්ෂය වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ඇරැඹීමේ අවස්ථාවට එක්වෙමිනි.

