රවිට එරෙහි චෝදනා දෙසතියක් තුළ ගොනු කරන ලෙසට ඉල්ලීමක්
- RSL
- May 8, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Ravi Karunanayake, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත වී ඇතත් ඒ ගැන ගත් පියවරක් නැතැයි එම මන්ත්‍රිවරු සඳහන් කරති.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණේ මෙම වසරේ ජනවාරි මස 05 වැනි දිනය. ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණු අනුව එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට තමන් දැරූ කැබිනට් ඇමැති ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සිදුවිය.
ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා මාස 4ක් ගතවුවත් මෙතෙක් පියවර නොගැනීම ප්‍රබල සැක මතුකරන තත්ත්වයක් යැයිද පසුපෙළ මන්ත්‍රිවරුන් පෙරේදා (06දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.
බැඳුම්කර වාර්තාව ගැන නීතිපති දෙපාර්තමේන්තුව සති 2ක් ඇතුළත චෝදනා නොගතහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට ක්‍රියාකරන්නැයිද පසුපෙළ මන්ත්‍රිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

