රන්ජන් පිරිමි ගණිකාවක් ද?
- RSL
- March 2, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
රන්ජන් රාමානායක බොහෝ වැර වෑයමෙන් රංගනයට පිවිසි අයෙකි. මෙරට සිනමාව තුංග යෝධයෙක් සේ ම සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා ද වූ විජය කුමාරතුංගගේ සෙවනින්, උදවුවෙන්, දුර නෑකමෙන් සිනමාව වෙත එක් වූ රන්ජන් රාමනායකට කිසිදා සිනමාවේ දී විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය. තමිල්නාඩු සිනමාපටයකට සමාන වන්ෂොට් නම් සිනමාපටයක් නිර්මාණය කළ රන්ජන් එහි එන චරිතයට ගිලී ගොස් ඒ ඔස්සේ දේශපාලනයට ආවේ ය. පාර්ලිමේන්තුද ගියේ ය. කිසිදු වගකීමකින් තොර ව අවංක මෝඩයෙක් සේ කටයුතු කරන ඔහුට දේශපාලනයේ දී ද කිසිදා විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය.
වාමාංශික දේශපාලනයෙන් අරඹා අන්ත දක්ෂිණාංශයට ගොස් ජාතිවාදය වපුරන විමල් වීරවංශ පසුගිය දා රන්ජන්ට චෝදනා කළේ පිරිමි ගණිකාවක් කියමිනි. තම ප්රතිවාදීන්ගේ පෞද්ගලික ලිංගික චර්යාවන් උපහාසයට ලක් කර වචාල ලෙස කතා කිරීම වීරවංශගේ උත්පත්ති ගුණයකි. රන්ජන් වේවා මොන අයෙක්ගේ වේවා ප්රශ්න කළ යුතු වන්නේ ඔහුගේ සමාජ, දේශපාලන භාවිතය යි.
කිසිවෙක් පිරිමි ගණිකාවක් වේවා නොවේවා එය වෙන ම කතාවකි. පිළිකුල්සහගත දෙය නම් දේශපාලන ගණිකාවක් බවට පත් වීම යි.
විමල් වීරවංශ යනු එවැන්නෙකි!
