රනිල්ට එරෙහි විශ්වාසභංගයෙන් රනිල් ජයගනී; එජාපය රනිල්ගේ නායකත්වයෙන් පෙරටම..
- RSL
- April 4, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Ranil Wickeramasinghe
- 0 Comments
අග්‍රාමාත්‍යධුරයේ රැඳි සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි. ඒත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා යළි සිය අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලය තහවුරු කරගැනීමට සමත් විය.
විශ්වාසභංගයට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි.
විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි.
ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි.
එමෙන්ම හෙට(05) පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දමා තිබේ.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඡන්දය භාවිත කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා හා ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුනි.
මේ අතර ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශ්‍රියාණි විජේවික්‍රම, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ග්‍රේරු, ලක්ෂ්මන් සෙනවිරත්න, එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා, ඒ. එච්. එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරති දුෂ්මන්ත, මනුෂ නානායක්කාර, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, ආරුමුගම් තොන්ඩමන්, කේ. කාදර් මස්තාන්, අතුරලියේ රතන හිමියන් සහ අංගජන් රාමනාදන් ඇතුළු 26 දෙනෙකු සභා ගර්භයේ රැඳී සිටියේ නැත.

