ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ.
තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති වී තමාටම පහර ගැසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් එරෙහිව තමාට පෙරට වඩා ශක්තිමත්ව මුහුණදීමට සහ සටන් කිරීමට ධෛරය ඇති බවත්, මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් තමා වටා එකතු වෙමින් ඉදිරියට යෑමට ශක්තිය සපයන හෙයින් ජයග්‍රහණය විශ්වාස බවත් රනිල් වික්‍රමසිංහ ඔවුන් සමඟ පැවසූ බව එහි සිටි අප දේශපාලන වාර්තාකරුවකු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, වෙනදා මෙවැනි අර්බුදයක් අවස්ථාවකදී සමහරුන් තමාගේ නායකත්වයට එරෙහිව අභියෝග කරන නමුත් මෙවර සියලුදෙනා තම නායකත්වය පිළිගෙන මෙම සටන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට කැපවීමෙන් ක්‍රියාකරන වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.
තමාගේ අග්‍රාමාත්‍යධුරය අහිමි කිරීමත් සමඟ වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර සහය නොමැති බවත් අප මිත්‍ර රාජ්‍යයන්ගේ බලාපොරොත්තුව සහ විශ්වාසය තමා බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එම නිසා එළෙඹන මැතිවරණවලදී මෛත්‍රී-මහින්ද කඳවුරට එරෙහි සටනේදී වැඩි වාසි අත්වන්නේ තමාට බව පැහැදිලියැ’යි එජාප නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දරන මෙම ස්ථාවරයත් සමඟ ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමේ කිසිඳු අපේක්ෂාවක් නොමැති බව පෙනෙන්ට තිබේ.