ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ(15) රාත්‍රියේ පැවති විශේෂ තීරණාත්මක සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරයක කාල සීමාව සහ ඉන් ඔබ්බට යා හැකි දුර සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මෙන්ම වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇතැයි වාර්තාවේ.
දෙදෙනා අතර හුවමාරු වු වාග් ප්රහාරයන් අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට පවසා ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සහ තමන් සම්බන්ධයෙන් අනීසි චොදනා නොකර ඉදිරි කාලය ගෙවිම්ට ජාතික ආණ්ඩුවට හැකියාව ඇත්නම් 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස යලිත් මෛත්‍රීපාල සිරිසේන් ඉදිරිපත් කිරිමට තමන්ට පක්ෂයට යෝජනා කල හැකි බවයි.
එම ප්‍රකාශයට ජනාධිපතිවරයා එක එල්ලේ පිළිතුරක් ලබා නොදී ඇති අතර ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් නිරනතර අවුලට පත්වන බව පමණක් ජනපති මෛත්‍රී සදහන් කර ඇත.
ඊට අමතරව වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් දෙදෙනා අතර දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර තමන් ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබුන නමුත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු අකාරය පිළිබඳව තමන් සැහිමක් පත්නොවන බවත් ජනපති පෙන්වා දි තිබේන අතර ඒ අනුව දෙදෙනාගෙම එකඟතාව මත පොලිස්පතිවරයා ඉවත් කිරිමට එකඟ වි තිබේ.
කෙසේවෙතත් ව්යාවස්ථාදයක සභාවේ සමාජිකත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව එහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේන අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේ නම් එහිදි ජනාධිපතිවරයාට කැමති පරිදි වෙනස් කිරිමට අගමැතිවරයා සිය කැමත්ත පලකර තිබේ. මිට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතන ජනාධිපතිවරයා යටතට පත්කිරිමටද දෙදෙනාම එකගතාවකට පැමිණ තිබේ.